Thursday, January 15, 2015
ලංකාවේ දින දර්ශණය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ පෙන්වීමට සකස් කර ගනිමු..
මෙන්න හා හා පුරා කියල ට්‍රික් එකක් කියල දෙන්න යන්නේ. ඔයාල ඔක්කොමල ලග අද වෙනකොට ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා වෙනවා. ඉතින් මේවගෙන් කරන්න පුළුවන් දේවල් අති විශාලයි, විවිදයි. එය උපකරණයේ හැකියාව, වර්ගය සහ මෙහෙයුම් පද්දතිය මත වෙනස් වෙනව.
ඕගොල්ලෝ දන්නවනේ හැම ස්මාර්ට් දුරකතනයකම දින දර්ශනයක් තියෙනවා (calender). ඒක එන්නේ දුරකතනයේ මෙහෙයුම් පද්ධතියත් එක්ක. ඉතින් ඒක මෙහෙයුම් පද්දතියෙන් පද්දතියට වෙනස්. ඒ උනත් ඒවාගේ භාවිතා වන ක්‍රියාකාරිත්වය බොහෝ දුරට එක සමානයි. ඉතින් මේ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා google, hotmail, facebook වගේ සේවාවන් භාවිතා කරල contacts, to-do, events වැනි දේවල් අපේ දුරකතනයේ දින දර්ශනයට sync කර ගන්න.
වැඩි කතා නැතුව වෙඩේට බහිමු. අපි මේ වැඩේට උපයෝගී කර ගන්නේ google calender සේවාව. ඉස්සෙල්ලම google calender එකේ අලුත් calender එකක් හදා ගන්න ඕන ප්‍රධාන නිවාඩු ටික දලා. හ්ම්ම් කලබල වෙන්න එපා එච්චර මහන්සි වෙන්න ඕන නෑ. අපේ සහෝදරයෙක් අපුරු වැඩක් කරලා තියෙනවා. එයා හැම අව්රුද්දකම වගේ ලංකාවේ calender එක හදල google එකේ දානවා. කැමති යට එක add කරගන්න පුළුවන් විදිහට. මෙන්න මේ ලින්ක් එකේ ගිහින් බලන්නකෝ. http://www.tilantha.net/post/2014/10/11/sri-lanka-holidays-calendar-2015-for-outlook-and-google-calendar. අපුරුයි නේද වැඩේ.
හරි දැන් ඉස්සෙල්ලම කරන්න ඕන ඔය calender එක ඔයාගේ google calender එකට add කර ගන්න එකයි. එක හරි ලේසි. පල්ලෙහා තියෙන image එක බලන්න. එකේ google calender කියන button එකට click කරාම එක ඔයාගේ google calender එකට add වෙනවා. හ්ම්ම් එක නම් ඔයාලට කරලම තමා ඉගෙන ගන්න වෙන්නේ.
එක add කර ගත්තට පස්සෙ වැඩේ ගොඩක් ලේසි. දැන් ඔයාගේ ස්මාර්ට් දුරකථනය අරගෙන මෙන්න මේ ලින්ක් එකට යන්න. https://m.google.com/sync/settings/iconfig/ . ඒකට ගියාම ඔයාගේ devices list එක පෙනෙන්න ඕනේ. එහෙම පෙනෙන්නේ නැත්නම් ඔයාගේ දුරකතනයේ settings වලින් google account එක add කරලා එක සැරයක් sync කරල බලන්න. දැන් device list එකෙන් ඔයාට sync කරන්න ඕනේ device එක select කරලා එකේ settings වලින් Calendar 2015 - Sri Lanka calender එක තෝරාගෙන settings save කරන්න. පහල රුප වලින් ඔයාලට එක තෙරුන් ගන්න පුළුවන්.
දැන් ඔයාගේ device එක අරන් sync කරලා බලන්න. ලංකාවේ නිවාඩු දවස් calender එකට add වෙලා තියේවි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment